Kitchen
ස්පයිසි සී ෆුඩ් ස්පැගටි
අවශ්‍ය ද්‍රව්‍ය -:
ස්පැගටි - 400g
ඉස්සන් - 100g
දැල්ලන් - 100g
මාළු - 100 g
කෑලි මිරිස් තේ හැඳි - 2
සුදු කිරි අඬු කෝප්ප - 1
ලූනු - 100g
පාස්ලි - 50g
පදමට ලුණු,ගම් මිරිස්
කපාගත් ඉඟුරු,සුදු ලූනු - 10g
බැද ගැනීමට තෙල්
බටර්
සාදන ක්‍රමය -:
ස්පැගටි
හොඳින් තම්බා ගන්න.ඉස්සන්,දැල්ලන් සහ මාළු ශුද්ධ කරගෙන ගැඹුරු තෙලේ බැද
ගන්න.ලූනු සහ පාස්ලි පොඩිවට කපා ගන්න. දැන් තරමක භාජනයක් ගෙන ළිප තබා එයට
බටර් හැඳි කිහිපයක් දමා රත්වන විට සුදු ලූනූ,ඉඟුරු සහ ලූනු දමා තෙම්පරාදු
කරගන්න.තෙම්පරාදු වූ පසුව අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා කලවම් කර එයට
සුදුකිරි දමා උතුරවා අවසානයේ තම්බාගත් ස්පැගට් දමා කලවම් කර ගන්න.ළිපෙන් බා
පාස්ලි වලින් සරසා උණු උණුවෙම කෑමට ගන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks